Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විදෙස් ටෙලි නාට්‍යය විකාශනයේ දී අය කරන බදු මුදල ඉහළ දාන්න රජය තීරණය කරයි

By News Team on July 25th, 2021 in Gossip

විදේශ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශය කිරීමේදී අය කරන බදු මුදල තවදුරටත් වැඩි කිරීමට රජය අවධානය යොමු කර තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ එමඟින් දේශීය සංස්කෘතිය සහ දේශීය ටෙලි නාට්‍ය කලාව, කර්මාන්තය රැක ගැනීම සහ එහි නිරත වන මෙරට කලාකරුවන්ට දිරිමත් කිරීමට හැකි වනු ඇති බවයි.

රට තුළ පැවැති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළදී නතර කර තිබු විදේශීය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශය වීමේදී අය කරන බදු මේ වසරේ පෙබරවාරි මාසයේ සිට නැවතත් ආරම්භ වුණා.

ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම බදු මුදල නැවත අය කිරීම හේතුවෙන් රජයට මිලියන 251ක අදායමක් රජයට හිමි වූ බවයි.

ඇමතිවරයා මේ බව පෙන්වා දී ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති ජනමාධ්‍ය උපදේශක කාරක සභාවේදීයි.