Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඔක්සිජන් ටොන් 100 මෙරටට ගෙන්වීමට රජය තීරණය කරයි

By News Team on August 14th, 2021 in Local

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් නීතියක් බවට පත් කරමින් ලබන සඳුදා දිනයේ දී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ ඊට අමතරව බස්නාහිර පළාතේ පවතින සීමා දැඩි කරමින් තවත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි.

කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමුදකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ලබන සතියේ සිට ඉන්දියාවෙන් ඔක්සිජන් ටොන් 100 බැඟින් සතිපතා මිලට ගැනීමට නියමිත බවද ඇය මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

එම ඔක්සිජන් තොගයද ප්‍රමාණවත් නොවුණහොත් සිංගප්පුරුවෙන් ඔක්සිජන් ආනයනය කරන බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ.