Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොතලාව පණත ලබන සිකුරාදා ඉදිරිපත් නොකරන්න ආණ්ඩුව තීරණය කරයි

By News Team on August 4th, 2021 in Local

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාව ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුව ඉදිරිපත් නොකරන බව ආණ්ඩු පක්ෂ පාර්ශවයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මහජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට වැඩි කාලයක් ලබා දීම සඳහා මෙම පියවර ගන්නා බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කල විමසීමකට පිළිතුරු දෙමිනුයි.