Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සහල් ගැසට් එක අකුලාගන්න රජය තීරණය කරයි

By News Team on September 28th, 2021 in Local

තොග සහ සිල්ලර අලෙවිය සඳහා සහල් මත පණවා තිබූ උපරිම මිල ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.

ඒ අනුව පාලන මිල ඇතුළත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට සහ ආරක්‍ෂිත තොග ලෙස සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් කිරිපිටි, තිරිගු පිටි, LP ගෑස් සහ සිමෙන්ති මිල සංශෝධනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී කිසිඳු තීරණය ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර වරායේ මේ වන විට සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් මුදා හැරීමට හෙට (28) දිනයේ ම ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.