Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගුරු විදුහල්පති වැටුප් ගැටළුව විසඳන්න ආණ්ඩුව තීරණය කරයි

By News Team on August 31st, 2021 in Local

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව යෝජනාව අයවැය ලේඛනය ඇතුළත් කරන තෙක් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන් රුපියල් 5000ක මාසික දීමනාවක් ගෙවීම ද අමාත්‍ය මණ්ඩලය යෝජනා කර ඇති බව සඳහන්.

ඊට අමතරව අදාළ 5000 දීමනාව මාස දෙකක කාලයක් ලබා දීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් කැබිනට් රැස්වීමේදී එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව මාර්ගගත ක්‍රමයට ඉගෙනුම් කටයුතු නැවත ආරම්භ කරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති සංගම් වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරුවරුන් ආරම්භ කළ වර්ජනය දින 51ක් දක්වා මේ වන විට ක්‍රියාත්මක වනවා.