Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආනයනික සෑම භාණ්ඩයකටම සහන දෙන්න රජයට බැහැ – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

By News Team on October 24th, 2021 in Local

රජයට ආනයනික සෑම භාණ්ඩයකටම සහනාධාරදීමට රජයට හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඊයේ (23) ජීවන මිල සහ ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සෑම භාණ්ඩයකම මිල අද වන විට ඉහළ ගොස් තිබුණද එය රජය කැමැත්තෙන් සිදුකරන ක්‍රියාවක් නොවන බවයි.