Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආණ්ඩුව කබ්රාල්ට ලංකාවේ පුද්ගල ධුරාවලියෙනුත් උසස් වීමක් ලබා දෙයි

By News Team on October 27th, 2021 in Local

මෙරට මහ බැංකු අධිපති තනතුර ලංකාවේ පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානයේ තබා කටයුතු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානයේ සැලකෙන විපක්ෂ නායක ධුරය, කැබිනට් අමාත්‍ය ධුර, ෆීල්ඩ් මාෂල් ධුරය හා සම තත්ත්වයෙහි මහ බැංකු අධිපති ධුරයත් සැළකෙනු ඇති.

මෙරට පුද්ගල ධුරාවලියේ පළමු ස්ථානයේ ජනාධිපතිවරයා ද දෙවැනි ස්ථානය අග්‍රාමාත්‍යවරයා ද තෙවන ස්ථානය කථානායකවරයාට හිමි වෙනවා.

ඊට අමතරව ධුරාවලියේ සිව්වන ස්ථානය හිමිවන්නේ අගවිනිසුරුවරයාටයි.