Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රෑ වැඩිවූ ගෑස් අද දහවල් අඩුවෙයි

By News Team on October 11th, 2021 in Local

පාලන මිල ඉවත් කිරීමත් සමඟ වැඩි කළ ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,675ක් ලෙසයි.

කිලෝ 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 30 කින් අඩු කර ඇති අතර එහි නව මිළ වන්නේ රුපියල් 1071 ක්.

කිලෝ 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 14 කින් අඩු කර ඇති අතර එහි නව මිළ සටහන් වන්නේ රුපියල් 506 ක් ලෙසයි.