Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විපක්ෂයේ වෘත්තීය සමිති ප්‍රකාශය නිසයි ඉන්ධන හිඟය ඇති වුණේ – අමාත්‍ය ගාමිණී ලොකුගේ

By News Team on November 16th, 2021 in Local

විපක්ෂයේ වෘත්තීය සමිති විසින් ඉන්ධන හිඟයක් ඇති වේ යැයි සිදුකළ ප්‍රකාශය හමුවේ බියට පත් වූ ජනතාව පිරවුම්හල් වෙත යාම හමුවේ දැඩි පෝලිම් නිර්මාණය වූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ඊයේ (15) රාත්‍රියේ ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ.

ඒ හැරුණු විට ඉන්ධන ආශ්‍රීත ප්‍රශ්ණයක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.