Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සිව් දෙනා දෙදෙනා අද අධිකරණයට හමුවට

By News Team on July 24th, 2021 in Local

හිටපු අමාත්‍ය පර්ලිමෙන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවය කළ 16 හැවිරිදි දැරියක පිලිස්සී මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ බදියුර්දීන් මහතාගේ බිරිඳ, ඇයගේ පියා සහ අදාළ දැරිය නිවසට රැගෙන පැමිණි පුද්ගලයා අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔවුන් පිරිස අද (24) දිනයේ කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහෙකාර දැරිය මියයාම, කෲරත්වයට පත් කිරීම සහ දැරිය වෙළඳාම යන චෝදනා මත බදියුර්දීන්ගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය අදාළ නිවසට රැගෙන ආ තැරැව්කරු පොලීසිය විසින් ඊයේ (23) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී අනාවරණය වූ මන්ත්‍රීවරයාගේ නිවසේ මීට පෙර මෙහෙකාරිය ලෙස සේවය කළ කාන්තාවක දුෂණයට ලක්කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් රිෂාඩ් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයා අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.