Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

2022 අයවැය අවසන් වර ඡන්ද විමසීම අද

By News Team on December 10th, 2021 in Local

2022 අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම හෙවත් අවසන් ඡන්ද විමසීම අද (10) පැවැත්වෙනවා.

මුදල් අමාත්‍යංශය, ආර්ථීක ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය සහ රාජ්‍ය අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ අද (10) දින විවාදයට ගැනෙන අතර එම විවාදය අවසානයේ පස්වරු 05 ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

2022 අයවැය ලේඛණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය මස 12 වනදායි.

අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම පසුගිය මස 22 වනදා පැවති අතර එහිදී වැඩි ඡන්ද 93 කින් එය සම්මත වුණා.

දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 153 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 60ක් පමණයි.