Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලබන වසරේ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දියි

By News Team on November 16th, 2021 in Sport

ලබන වසරේ දී ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන මීළඟ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟමාලාවේදී අවසන් මහා තරඟය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දී අනුමැති හිමව ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාවේ නගර 07ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන තරඟාවලියේ ලබන වසරේ ඔක්තෝම්බර් 16 වනදා සිට නොවැම්බර් 13 දක්වා පැවැත්වීමට නියමිතයි.

අවසන් පුර්ව වටයේ තරඟ ඇඩිලේඩ් සහ සිඩ්නි හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ද ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද කොරෝනා තත්ත්වය හමුවේ එය වසර දෙකකින් කල් දමනු ලැබුවා.

කෙසේ වෙතත් ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා පිළ ද මෙවර මෙන් සුදුසුකම් ලැබීමේ තරඟ වටයකට ද එක්විය යුතු වනවා.