Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කිරිපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යයි ද? අවසන් තීරණය අද

By News Team on September 24th, 2021 in Local

අද (24)පෙරවරුවේ ජීවන වියදම් කමිටුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙහිදී කිරිපිටි, සිමෙන්ති, ගෑස් ඇතුලු භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් වැඩි කිරීමට, ඒවා ආනයන සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

එමෙන්ම සහල් වර්ග කිහිපයක පාලන මිල සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන ජීවන වියදම් කමිටු රැස්වීමේදී යළි සලකා බැලෙනු ඇතැයි සඳහන්.