Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මුහුණු ආවරණ නීතිය අද සිට දැඩි වෙයි

By News Team on August 14th, 2021 in Local

සියළු පළාත් මායිම් ආවරණය වන ලෙස විශේෂ පොලිස් මාර්ග බාධක මාලාවක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරන පිරිස් සම්බන්ධයෙන් පියවර ගැනීම මෙහි මුලික අරමුණ වී ඇති බවයි.

මේ සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහය ගැනීමට නියමිතයි.

මේ අතර මුහුණු ආවරණ නීතිය අද (14) සිට දැඩිව ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබෙනවා.