Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇෆ්ඝනිස්ථානයෙන් පුද්ගලයන් ඉවත් කරගැනීම ලබන 31 වනදායින් අවසන්

By News Team on August 24th, 2021 in International

ලබන 31 වනදා වන විට ඇෆ්ඝනිස්ථානයෙන් පුද්ගලයන් ඉවත් කරගැනීම සැලසුම් අවසන් කරන බව අමෙරිකානු ආරක්ෂක අංශ පවසනවා.

ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය විසින් G-7 රාජ්‍ය නායක සමුළුවේදී ඉල්ලා සිටියේ මෙම දිනය තවදුරටත් දීර්ඝ කරන ලෙසයි.

එහෙත් මෙම කාල වකවානුව දීර්ඝ කිරීමට තලේබාන් සංවිධානය ද මේ වන විට විරෝධය පළකර ඇති අතර එය එකඟතාවයන් කඩ කිරීමක් බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

මේ වන විටත් ඇෆ්ඝනිස්ථානයෙන් විශාල පිරිසක් ඉවත් කරගෙන ඇති අතර තවත් 20000කට ආසන්න පිරිසක් වෙනත් රටකට යාමේ අපේක්ෂාවෙන් ඇතිව කාබුල් ගුවන් තොටුපොළේ රැඳී සිටිමින් ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් දිගින් දිගටම එල්ලවන ඉල්ලීම් හමුවේ දින වකවානු දීර්ඝ කරන්නේදැයි යන තීරණය ඉදිරි පැය 24 තුළදී ගන්නා බවයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කළේ.