Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විනය කමිටුවේ තීරණය පැමිණෙයි – මෙන්ඩිස්, දික්වැල්ල, ධනුෂ්ක ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය මෙන්න

By News Team on July 29th, 2021 in Exclusive Story

පසුගිය එංගලන්ත සංචාරය අතරතුරදී ජෛව බුබුලෙන් මිදී ඩරම් නගරයේ රාත්‍රී කාලයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනාට වසර දෙකක ක්‍රිකට් තහනමක් සහ අමෙරිකානු ඩොලර් 25000ක දඩයක් පනවා ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ආයතනය විසින් පත්කළ පංච පුද්ගල විනය කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ල සිදුකළ පළමු වැරැද්ද හේතුවෙන් ඔහුගේ තහනම යම් තාක් දුරකට අඩුකර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් අදාළ ක්‍රීඩකයන් තිදෙනාට එරෙහි පරීක්ෂණ වාර්තාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මේ වන විට ලබාදී ඇති අතර එහි දඬුවම් නිර්දේශ කර තිබෙනවා.

අදාළ ක්‍රීඩකයන් තිදෙනා අද (29) පංච පුද්ගල විනය කමිටුව හමුවේ පෙනී සිටීම සඳහා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබෙනවා.

ඒ අනුව අද (29) දිනයේ අදාළ පරීක්ෂණයේ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දී ඇති අතර වහාම ක්‍රියාත්මක වන ලෙස එහි සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම පරීක්ෂණය සඳහා පත්කළ කමිටුවට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරු ඇතුලත්ව සිටියා.