Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නා දිනය ගැන තීරණය අද

By News Team on July 5th, 2021 in Local

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව අද (05) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතයි.

එහිදී සමඟි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව කථානායකවරයා වෙත ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගය යෝජනාව විවාදයට ගන්නා දිනය තීරණය කරනු ඇති.

ඊට අමතරව මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම පවත්වන ආකාරය සහ එම රැස්වීම්වලදී විවාදයට ගන්නා කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.