Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මහ බැංකුවේ වත්මන් අධිපති අද විශ්‍රාම යයි – අලුත් අධිපති හෙට වැඩ භාර ගනී

By News Team on September 14th, 2021 in Local

හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස හෙට (15) දිනයේ දී වැඩ භාර ගැනීමට නියමිතයි.

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම 2006 සිට 2015 වසර දක්වා වසර 09 කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා අද (14) සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතයි.