Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රට වසා දමන්න නෑ – ජනපති යළි කැබිනට් මණ්ඩලය හමුවේ කියයි

By News Team on August 18th, 2021 in Local

රට වසා නොදමුවත් දැඩි සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (17) රාත්‍රියේ පැවැති කැබිනට් රැස්වීමට එක්වෙමිනි.

රට පුර්ණ ලෙස වසා දැමුවහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර තිබෙනවා.

ජනපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ ඉන් එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස ද දැඩි අර්බුධයකට මුහුණ දෙන පෙන්වා දී ඇති බවයි.

කොරෝනා වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ද ප්‍රකාශ කර තිබෙනවා.