Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්දියාව මුහුණ දුන් ආකාරයේ භයානක තත්ත්වයට රට මුහුණ දීමේ අවධානමක්

By News Team on July 17th, 2021 in Local

දිනපතා වාර්තා වන කොරෝනා මරණ ගණන ක්‍රමක් ක්‍රමයෙන් හිස ඔසවන තත්ත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

ඊයේ (16) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව සඳහන් කළා.

ඔවුන් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය රටතුළ ව්‍යාපත්වී ඇති අවස්ථාවක එය නොසලකා හැරියහොත් ඉන්දියාවේ තත්ත්වයට මුහුණ දුන් ආකාරයේ බියකරු වාතාවරණයට රට මුහුණු දෙනු ඇති බවයි.