රිෂාඩ්ගේ නිවසේ පිලිස්සී මියගිය දැරියගේ නඩුව අද දහවල් යළි කැඳවේ
By News Team on July 26th, 2021 in Local

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමට ලක්වී මියගිය 16 හැවිරිදි දැරියගේ නඩුව අද (26) පස්වරු 1.30ට කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
අද (26) මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය ඉදිරියේ කැඳවූ අතර එම අවස්ථාවේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
ඒ අනුව අනතුරුව මෙම පැමිණිල්ල පස්වරු 1.30ට කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අදාළ දැරියගේ මව අද (26) පෙරවරු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.