Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දඹුල්ලේ පාළු නිවසක ඝාතනය කර තිබූ අවුරුදු 14ක දැරියක්ගේ මළ සිරුරක් සොයා ගැනේ

By News Team on October 10th, 2021 in Local

දඹුල්ල කලෝගහඇල ප්‍රදේශයේ නිවසක ඝාතනය කර තිබූ වයස අවුරුදු 14ක දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

පොලීසිය සඳහන් කළේ අසල්වාසී නිවසක දැරියකට ඉගැන්වීමට යැයි පවසා ඇයගේ පියා විසින් පසුව මරණයට පත්වූ අදාළ දැරිය පසුගිය 06 වනදා යතුරු පැදියෙන් රැගෙන ගොස් ඇති බවයි.

නැවතත් දැරිය සිය නිවසට නොපැමිණීම හමුවේ දැරියගේ දෙමාපියන්, දැරිය රැගෙන ගිය නිවසට ගොස් ඇති අතර ඒ වන විට නිවසේ කිසිවෙකු සිට නොමැති බවයි වාර්තා වන්නේ.

අදාළ නිවසේ දැරිය නොසිටි බැවින් දැරිය රැගෙන ගිය අසල්වාසි නිවසේ සිටි පිරිස මීට මාස 02 කට පමණ පෙර කුලියට ගෙන පදිංචිව සිටි නිවසකටද අදාළ දෙමාපියන් ගොස් ඇති නමුත්, එම නිවස අගුලූ දමා තිබීම හේතුවෙන් දැරියගේ දෙමාපියන් මේ සම්බන්ධව දඹුල්ල පොලිසියට පැමිණිලි කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඒ අනුව අගුලූ දමා තිබු කුලි නිවසේ කළ පරික්ෂා කිරීමේදී එම නිවසේ ඇදක් මත දැරිය ඝාතනය කර සිටියදී සොයා ගෙන ඇති බව සදහන්.

මෙලෙස ඝාතනයට ලක් වූ දැරිය රැගෙන ගිය සැකකරු සහ ඔහුගේ බිරිද මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.