Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලොව පැරණිතම ඝර්ම කලාපීය වැසි වනාන්තරයේ අයිතිය ඇබෝරිජීන්වරුන්ට

By News Team on September 29th, 2021 in International

ලොව පැරණිතම ඝර්ම කලාපීය වැසි වනාන්තරය වන ඕස්ට්‍රේලියාවේ ඩෙන්ට්‍රී වැසි වනාන්තරයේ අයිතිය එරට ස්වදේශිකයන් වන ඇබෝරිජීන්වරුන්ට පවරා දී තිබෙනවා.

වසර මිලියන 180ක පමණ පැරණි මෙම වැසි වනාන්තරය 1988 වසරේ සිට යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද සැලකෙනවා.

ඒ අනුව මින් ඉදිරියට එහි කළමනාකාරීත්වය ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සමඟ එක්ව සිදු කිරීමට නියමිතයි.

මෙම වැසි වනාන්තරය ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන මහා බාධක කොරල් පරයද ඩෙන්ට්‍රී වැසි වනාන්තරයට මායිම්ව පිහිටා තිබීමද විශේෂත්වයක්.