Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

76 වන එජා සමුළුව අද ඇරඹේ

By News Team on September 21st, 2021 in Local

76 වන එක්සත් ජාතීන්ගේ සමුළුව අද (21) නිව්යෝර්ක් නුවරදී ආරම්භ වනවා.

ඒ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන්.

කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය යන්නයි මෙවර සමුළුවේ තේමාවයි.

එමෙන්ම තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම ද ඊට ඇතුළත්.

අද (21) ආරම්භ වන සමුළුව ප්‍රථමයෙන් ඇමතීමට නියමිතව ඇත්තේ බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ වන අතර දෙවන කථිකයා වන්නේ අමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතායි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22) දිනයේදී සමුලුව ඇමතීමට නියමිතයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වන අතර, ඔහු දිවයිනෙන් බැහැරව ජාත්‍යන්තර සමුළුවක් ඇමතීමට සහභාගී වන පළමු අවස්ථාව ද මෙයයි.

නිව්යෝර්ක් වෙලාවෙන් හෙට (22) පෙරවරු 11 ත් දහවල් 01 ත් අතර කාලයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමුලුව ඇමතීමට නියමිතයි.

පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ඇතැම් රටවල රාජ්‍ය නායකයින් රැසකට වීඩියෝ තාක්ෂණය හරහා මෙවර සමුලුව ඇමතීමට අවස්ථාව සලසා දීම විශේෂත්වයක්.