Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව ලබන වසරේ ශ්‍රී ලංකාවේදීයි

By News Team on September 30th, 2021 in Business

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යංශය සඳහන් කලේ 2022 වසරේ මැයි 02 වනදා සිට 05 වනදා දක්වා එය මෙරටදී පැවැත්වීමට නියමිත බවයි.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම්වලට ඊයේ (29) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තබා තිබෙනවා.

මෙවර සමුළුව සඳහා සාමාජික රටවල මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන්, ජාත්‍යන්තර බැංකු නියෝජිතවරුන්, සමාගම් විධායක නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු නියෝජිතයින් 3000 ත් 5000 ත් අතර පිරිසක් සහභාගී වීමට නියමිතයි.

මෙම අවස්ථාවට එක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ පශ්චාත් කොවිඩ් සමය ජය ගැනීම සඳහා මෙම සමුළුව සුවිශේෂි අවස්ථාවක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

වංසගත තත්ත්වය හේතුවෙන් බලපෑමකට ලක්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය කඩිනමින් යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ආසියානු සංවර්ධ බැංකුවේ සහයෝගය උපරිමයෙන් අපේක්ෂා කරන බව ද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුවේ තේමාව වන්නේ පශ්චාත් කොවිඩ් 19 ලෝකය සඳහා දේශගුණික විපර්යාසයන්ට අනුගත හරිත ආර්ථිකයක් ස්ථානගත කිරීම යන්නයි.