Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නොරොච්චෝලේ බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය අද සවස සිට ක්‍රියාත්මක වෙයි

By News Team on December 9th, 2021 in Local

නොරොච්චෝලේ බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය අද (09) සවස වන විට විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකියාව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

පසුගිය දෙසැම්බර් 03 වන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 03හිම ගැටළු මතු වුණා.

කෙසේ වෙතත් මේ වන විට දෙවන ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.