Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තායිලන්තය නැවත සිය දේශසීමා විවෘත කෙරේ

By News Team on October 12th, 2021 in International

ලබන පළමු වනදා සිට සිය දේශ සීමා විවෘත කිරීමට තායිලන්තය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රටවල් 10ක සිට පැමිණෙන පුර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට තායිලන්තයට පැමිණිය හැකියි.

මේ වන විට අඩාල වී ඇති සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ අරමුණ ඇතිව මෙම පියවර ගන්නා බවයි එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා කියා සිටියේ.

බ්‍රිතාන්‍ය, චීනය, ජර්මනිය, අමෙරිකාව ඇතුළු රටවල් 10ක සිට පැමිණෙන සංචාරකයන් ලබන පළමු වනදා සිට තායිලන්තයට ඇතුළු විය හැකියි.

පසුගිය 2019 වසරේ දී මිලියන 40ක සංචාරකයන් පැමිණි තායිලන්තයට මේ වසරේ මුල් මාස 08 දී පැමිණි සංචාරකයන් ගණන 70000ක් පමණි.

කොරෝනා වසංගත තත්වය හමුවේ දේශ සීමා වසා දැමීම සමඟ 2020 වසරේ දී සංචාරක ක්ෂේත්‍රයෙන් එරටට අහිමි වූ මුදල ඩොලර් බිලියන 50කට අධිකයි.