Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඖෂධ අධිකාරියේ දත්ත මැකී යාම පිළිබඳ ඇත්ත කියන්න – විපක්ෂ නායක ආණ්ඩුවෙන් ඉල්ලයි

By News Team on September 23rd, 2021 in Local

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් සත්‍යය හෙළි කරන්න ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වතාවක් රජයෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ ශ්‍රී ලංකා රජයේ දත්ත පද්ධතියේ ගබඩා කර තිබු ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී මේ වන විට මාස දෙකක් ගත වී ඇති බවයි.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ රටේ ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු ඇතුළත් පොදු දේපලක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ආණ්ඩුව මෙම බරපතළ පිළිබඳ ක්‍රියාත්මක වන්නේ අතිශය මන්දගාමී ස්වරූපයකින් බවද සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.