Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ටීම් පේන් සියලු ක්‍රිකට් අංශවලින් සමුගනී – ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නව ටෙස්ට් නායකත්වය පැට් කමින්ස්ට

By News Team on November 26th, 2021 in Sport

ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු අංශවලින් සමුගැනීම ඕස්ට්‍රේලියාවේ හිටපු ටෙස්ට් ක්‍රීඩක නායක ටීම් පේන් තීරණය කර තිබෙනවා.

දේශීය මෙන්ම ජාත්‍යන්තර තරඟ සඳහා ද එය අදාළ වන බවයි ඔහු නියෝජනය කරන ටස්මේනියා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙහි විශේෂත්වයක් වන්නේ අළු බඳුන ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට සති දෙකකට පෙර ඔහුගේ සමුගැනීම සිදුවීමයි.

ක්‍රිකට් සේවිකාවකට අසභ්‍ය කෙටි පණිවිඩයක් යැවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වරද පිළිගත් ටිම් පේන් පසුගියදා නායකත්වයෙන්ද ඉල්ලා අස්වුණා.

මේ අතර ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් කණ්ඩායම් 47 වන ටෙස්ට් නායකයා ලෙස පැට් කමින්ස් නම් කර තිබෙනවා.

මේ අනුව තවත් සති දෙකකින් ආරම්භ වන අළු බඳුන තරඟාවලියේ දී ඕස්ට්‍රේලියාව කණ්ඩායම මෙහෙයවීම ඔහුට පැවරෙනු ඇති.

ස්ටීව් ස්මිත් කණ්ඩායමේ නව උප නායකයා ලෙස නම් කර තිබෙනවා.