Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇමති ලොකුගේ ප්‍රකාශයට ගුරු සංගමයේ ප්‍රතිචාර

By News Team on November 6th, 2021 in Local

දිවයින පුරා වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගීත්වයෙන් නියෝජිත සම්මේලනය කැඳවා ගුරුවරුන් ඉල්ලා සිටින වැටුප එකවර ලබාදීමට කටයුතු කරන බවට අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් සිදුකළ ප්‍රකාශයට ලංකා ගුරු සේවා සංගමය අද (06) ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ බව කියා සිටියේ අද (06) උදෑසන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම සංගමයට ආරාධනා නොකළත් කිසියම් ආකාරයකින් හෝ සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ ගෞරවය පළ කරන බවයි.