Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගුරුවරුන්ට කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල අදින් ඇරඹේ

By News Team on July 12th, 2021 in Local

ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන කාර්ය මණ්ඩල සඳහා කොරෝනා එන්නත් මර්දන එන්නත්කරණය අද (12) ආරම්භ වනවා.

මෙම වැඩපිළිවෙළ යටතේ මෙරට 10155ක සියලුම පාසල්වල ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා සියලුම අනධ්‍යයන සේවකයන් සඳහා එන්නත් ලබාදීමට නියමිත බවයි.

හැකිතාක් ඉක්මණින් පාසල් විවෘත කිරීමේ මුලික සැලසුම වශයෙන් එන්නත්කරණය සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා සඳහන් කළේ.

මේ අතර පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර වශයෙන් ළමුන් 100ට අඩු පාසල් රජයේ ආධාර ලබන පාසල් සහ පිරිවෙන් විවෘත කිරීමටයි අපේක්ෂා කරන්නේ.