Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජුලි මාසයේ දී තේ නිෂ්පාදනය පහත වැටෙයි

By News Team on September 20th, 2021 in Business

මේ වසරේ ජුලි මාසයේ දී ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 26.1ක් දක්වා පෙර වසරට වඩා 1.1%කින් පහත වැටී තිබෙනවා.

තැරව්කාර සමාගම් කියා සිටියේ මේ වසරේ මුල් මාස 07ක සැලකූ විට මෙරට තේ නිෂ්පාදනය 19.6%කින් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරේ මෙරට තේ නිෂ්පාදනය කොරෝනා මර්දන නිරෝධායන නීති හේතුවෙන් පහත වැටී තිබීම ද මෙම වර්ධනයට හේතුවක් බවයි වාර්තා වන්නේ.