Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කටාර් හි සිරගතව සිටි තලේබාන් දේශපාලන නායකයන් යළිත් ඇෆ්ඝනිස්ථානයට පැමිණෙයි

By News Team on August 18th, 2021 in International

කටාර් රාජ්‍යයේ දීර්ඝ කාලයක් සිරගත වී සිටි තලේබාන් දේශපාලන නායකයන් ගණනාවක් ඇෆ්ඝනිස්ථානය වෙත පැමිණ තිබෙනවා.

ඒ නව රජය පිහිටුවීමේ මුලික සාකච්ඡා ආරම්භ කිරීම සඳහායි.

මේ අතර ඇෆ්ඝනිස්ථානයේ ජීවත් වන කාන්තාවන්ට කිසිඳු බලපෑමක් සිදු නොකරන තලේබාන් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ඔවුන්ට හිමි අයිතිවාසිකම් නියමිත ලෙස ලබා දෙන බවද එම සංවිධානය ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඊට අමතරව ඇෆ්ඝනිස්ථානය තුළ දී විදෙස් හමුදා වෙනුවෙන් සේවය කළ සියලු දෙනාට පොදු සමාවක් පිරිනැමීමට සන්නද්ධ සංවිධානය තීරණය කර ඇති බව ඇෆ්ඝන් මාධ්‍ය වාර්තා කරනවා.

තවද කාබුල් අගනුවර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් යළි ආරම්භ කර තිබෙනවා.

මෙහි මුලික අරමුණ වන්නේ ඇෆ්ඝනිස්ථානයේ සිටි රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කර ගැනීමයි.