Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇෆ්ගනිස්ථාන ජනපති මන්දිරයේ බලය තලේබාන් සටන්කාමීන් යටතට

By News Team on August 16th, 2021 in International

කාබුල් අගනුවර තලේබාන් සටන්කාමීන් විසින් බලය තහවුරු කිරීමත් සමඟ ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ටජිකිස්ථානය වෙත පළා ගොස් තිබෙනවා.

මේ වන විට සන්නද්ධ සටන්කාමීන් විසින් කාබුල් අගනුවර ජනාධිපති මන්දිරයද අත්පත් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් රජය සහ තලේබාන් සංවිධානය අතර බලය බෙදා ගැනීමේ එකඟතාවයක් එළැඹ තිබියදී ජනාධිපතිවරයා මෙලෙස රටින් පළා ගොස් ඇත්තේ.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කාබුල් ගුවන් තොටුපොළ ඇතුළු ස්ථාන රැසක ඊයේ (15) රාත්‍රියේ දී පිපිරීම් රැසක් සිදුවූ බවයි.