Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තලේබාන් සංවිධානයෙන් ඇෆ්ඝනිස්ථානයේ දැවැන්ත මෙහෙයුමක් අරඹයි

By News Team on August 20th, 2021 in International

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්ථානයේ සිට විදේශ පාර්ශව වෙත සහය දැක්වූ පිරිස් සොයා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඒ අමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා, එක්සත් ජාතීන් ඇතුළු පාර්ශව වෙත සහය දැක්වූවන් මෙලෙස සොයමින් ඇති බව සඳහන්.

ඇෆ්ඝන් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ සටන්කාමී සෑම නිවසකටම ගොස් පරික්ෂා කිරීම් සිටින බවයි.

විදේශ විචාරකයන් පවසන්නේ වසර 20කට පෙර සිටි තලේබාන් සංවිධානයේ මුහුණුවර වෙනස් වී නොමැති බව පෙන්නුම් කරන බවයි.