Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තලේබාන් සංවිධානයෙන් තවත් රෙගුලාසි මාලාවක් නිකුත් කරයි – විදෙස් සංස්කෘතීන් ප්‍රවර්ධනය වන චිත්‍රපට තහනම් කෙරේ

By News Team on November 22nd, 2021 in Gossip

තලේබාන් සංවිධානය විසින් එරට කාන්තාවන්ට රුපවාහිනී ටෙලි නාට්‍යවල පෙනී සිටීම කාන්තාවන්ට තහනම් කර තිබෙනවා.

ඒ අනුව ජනමාධ්‍යවේදිනියන් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියන් ද රුපවාහිනී තිරයේ පෙනී සිටීමේ දී හිස ආවරණය කරගෙන සිටිය යුතු බවයි එම සංවිධානය නියම කර ඇත්තේ.

ඔවුන් විසින් ඇෆ්ඝන් රුපවාහිනී නාලිකා වෙත ඊයේ (21) දිනයේ යොමු කර ඇති කරුණු 08කින් සමන්විත රෙගුලාසි මාලාවේ මේ බව දක්වා තිබෙනවා.

තවද ශරියා නීති පද්ධතියට පටහැණි කිසිඳු චිත්‍රපටයක් රූගත කිරීමට ද අවසර හිමිවන්නේ නෑ.

ඊට අමතරව විදේශ සංස්කෘතීන් ප්‍රවර්ධනය කෙරෙන චිත්‍රපට මෙන්ම ඉස්ලාම් ආගමට නිගරු වන විකට වැඩසටහන් විකාශයද මුලුමනින්ම තහණම් කර තිබෙනවා.