Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

එන්නත්කරණ ඉල්ලකය සපුරා ගැනීමෙන් පසු සිඩ්නි නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ලකුණු

By News Team on September 9th, 2021 in International

ඕස්ට්‍රේලියාව සිඩ්නි නගරයට පනවා ඇති නිරෝධායන සීමා ලිහිල් කිරීමේ සැලසුම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරන්නේ එන්නත්කරණ ඉල්ලකය සියයට 70 සපිරුණු වහා අදාළ රෙගුලාසි ලිහිල් කරන බවයි.

ලබන මාසයේ මැද භාගය වන විට ඒ රෙගුලාසි ක්‍රියාත්මක වීමට නියමිතයි.

ප්‍රාන්තයේ පාසල් නැවත විවෘත කිරීමේ ඉලක්කය කර ඇති දිනය ඔක්තෝබර් 25 දා ලෙස නම් කර තිබෙනවා.

මුහුණු ආවරණ පැළදීම අඛණ්ඩව බලාත්මක වන අතර අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා අවසර හිමිවන වන බවයි සිඩ්නි බලධාරීන් කියා සිටියේ.