Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරඟාවලියේ දේශීය විකාශන අයිතිය සුප්‍රීම් ටීවී ලබා ගනී

By News Team on August 14th, 2021 in Sport

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ක්‍රිකට් කණ්ඩායම අතර ලබන මාසයේ ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියේ දේශීය විකාශන අයිතිය ලබා දීමට “සුප්‍රීම් ටීවී” නාලිකාව තීරණය කර තිබෙනවා.

ඒ මෙම තරඟ සංචාරයේ දේශීය රුපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් කැමැත්ත ඉදිරිපත් කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කළ ප්‍රසිද්ධ නිවේදනයකට අනුවයි.

“සුප්‍රීම් ටීවී” නාලිකාව මුළු දිවයිනම ආවරණය වන පරිදි සිය විකාශන කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

ඊට අමතරව පියෝ ටීවී සහ ඩයලොග් යන කේබල් නාලිකා ඔස්සේ ද “සුප්‍රීම් ටීවී” නැරඹීමේ හැකියාව ලැබෙනවා.

පහත දැක්වෙන සංඛ්‍යාත මඟින් “සුප්‍රීම් ටීවී” සුසර කළ හැකියි.

බස්නාහිර – UHF 49 / 47, දකුණ – UHF 28 / 51 / 47, මධ්‍යම – UHF 41 / 47,මහනුවර – UHF 41, රත්නපුර– UHF 56,ඌව – UHF 30 / 47 / 51,නැගෙනහිර – UHF 47 / 51,වයඹ – UHF 32 / 47,උතුරු මැද – UHF 32 / 47, නාලිකා අංක118 (Dialog TV), නාලිකා අංක 140 (PEO TV) .

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟාවලිය එළඹෙන සැප්තැම්බර් 2 වනදා ආරම්භ වීමට නියමිත අතර එහිදී දෙරට අතර එක්දින තරඟ 3ක් හා විස්සයි විස්ස තරඟ 3ක් පැවැත්වීමට නියමිතයි.