Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සීනි පාලන මිල ඉවත් කෙරේ

By News Team on November 4th, 2021 in Local

සීනි සඳහා රජය පනවා තිබු පාලන මිල ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුවයි.

පසුගිය සැප්තැම්බර් මස 02 වනදා වෙළඳපොලේ සිඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් සීනි මිල පාලනය සඳහා රජය විසින් පාලන මිලක් නියම කළා.

එහිදී සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 116 ක්, එහි උපරිම සිල්ලර මිල රුපියල් 122 ක්, රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් සහ පැකට් කළ රතු සීනි කිලෝවක් සදහා රුපියල් 128 ක උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා.

ඊයේ (03) සීනි ආනයනකරුවන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව සීනි සඳහා වන පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කළා.

එහිදී රුපියල් 150ක උපරිම මිලකට සීනි කිලෝවක් අලෙවි කිරීම සඳහා ආනයනයකරුවන් එකඟ වී තිබෙනවා.

කෙසේ වෙතත් ආනයනයකරුවන් ලෝක වෙළඳපොලේ සීනි මිල පහල යාම සිදු වුවහොත් මිල යළිත් අඩු කිරීමට ද එකඟ වී ඇති බවද රජය වෙත පොරොන්දු වී තිබෙනවා.