Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අභිනව කැළණි විශ්ව විද්‍යාල උපකුලපතිට ශිෂ්‍ය සංගමයේ විරෝධය

By News Team on November 6th, 2021 in Local

වත්මන් ආණ්ඩුව ඉතාම නිර්ලජ්ජිත ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තම දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරමින් සිටින බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසනවා.

එහි ආසන්නතම සිදුවීම වශයෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සදහා කුලපතිවරුන් හා උපකුලපතිවරුන් පත් කළ ආකාරය පෙන්වා දිය හැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම් සමබන්ධයෙන් සමාජය තුල අප්‍රසාදයක් ප්‍රකාශ වෙමින් තිබියදී කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ පත්වීමද ශීෂ්‍ය සංගමයේ විවේචනයට ලක්ව තිබෙනවා.

ඒ පිළිබද ඔවුන් නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහතින්…

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පත් කිරීම සම්බන්ධවයි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමා වසර දෙකකට වැඩි කාලයක් ගතවේ. විශ්වවිද්‍යාල විවෘත කිරීම් පිලිබඳ කිසිඳු වැඩපිළිවෙලක් නොමැති ආණ්ඩුව ඉතාම නිර්ලජ්ජිත ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තම දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරමින් සිටී.එහි ආසන්නතම සිදු වීම් වනුයේ විශ්වවිද්‍යාල කුලපතිවරුන් හා උපකුලපතිවරුන් පත් කළ ආකාරයයි. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පත් කර ඇත. මෙම පත් කිරීම සිදු කරනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පත් කිරීම් සමබන්ධ අප්‍රසාදයක් ප්‍රකාශ වෙමින් තිබියදීය. මෙලෙස අප්‍රසාදයක් ඇති වීමට මුලික වුයේ මෙම ස්වාන්මීන් වහන්සේලා පසුගිය කාල සීමාව තුල වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ඉතා ලජ්ජා සහගත ලෙස පෙනී සිටීම හේතුවෙනි.

කුලපති තනතුර යනු කිසිඳු පරිපාලනමය බලයක් හිමි නොවන නමුත් ගරු තනතුරකි. විශ්වවිද්‍යාලය තුල සියලු පරිපාලනමය බලය සහිත උපකුලපති තනතුර පත් කිරීම් පවා පසුගිය කාලයේදී ආණ්ඩුව සිදු කරනු ලැබුවේ මෙතෙක් ඒ සඳහා පවතී සාපේක්ෂ ස්වාධීනත්වයක් සහිත ක්‍රමවේදයක් ඔස්සේය. ඒ සඳහා විශ්වවිද්‍යාල පාලක සභාවට තිබු සාපේක්ෂ ස්වාධීනත්වය අමු අමුවේ උල්ලංඝනය කරමින් උපකුලපති තනතුර පත් කිරීමට අදාලව දේශපාලන අධිකාරියට ඍජු මැදිහත් වීම් කළ හැකි ලෙස නව ක්‍රමවේදයක් ප්‍රතිපාදන කොමිසමේ 02/2020 චක්‍ර ලේඛය හරහා ඉදිරිපත් කරනු ලැබීය. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු යෝජනා වන්නේ ඒ අනුවය. විවෘත විශ්වවිද්‍යාලයේ පාලක සභාව නිර්දේශ කළ නම් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර වෙනත් නම් යෝජනා කරන ලෙස දැනුම් දුන් අවස්ථාවේ එයට ආචාර්යවරුන් හා සිසුන්ගේ බරපතල විරෝධයක් එල්ල විය. නමුත් එවැනි විරෝධයන් පවා එල්ල වෙමින් තිබියදී පවා ආණ්ඩුව තම දේශපාලන න්‍යාය පත්‍රයට විශ්වවිද්‍යාල පද්ධතිය යට කරමින් සහ මිලිටරීකරණයට පාර කපමින් සිටී.

කුලපති තනතුර වැනි ගරු කටයුතු තනතුරක් එය පිරිනමන සම්ප්‍රදාය පවා උල්ලංඝනය කරමින් ආණ්ඩුව තමන් වෙනුවෙන් කඩේ යන්නන්න්ට දෙනු ලබන දොලපිදෙනියක් බවට පත් කර ඇත. කුලපති තනතුරට කිසිඳු පරිපාලනමය බලතලයක් නොමැති වුවද විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය වැනි අවස්ථාවක මුලසුන දරනුයේ කුලපතිවරයා ය. එම නිසා මෙම පත් කිරීම සම්බන්ධයෙන් අපට නිහඬව සිටිය නොහැකි වන අත ඊට එරෙහිව දැඩි අප්‍රසාදය පළකරන්නෙමු.
මෙවැනි ක්‍රියා වලින් නැවත නැවත ඔප්පු වන්නේ ජනතා මතයක් කිසි විටෙකත් මායිම් නොකරන ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට විශ්වවිද්‍යාල පද්ධතිය යට කිරීමටත් මිලිටරීකරණයට එරෙහිවත් එක්ව සටන් වැඩිය යුතු බවයි.

මෙයට,

කොබෙයිතුඩුවේ සමිත හිමි,
සභාපති
මහා ශිෂ්‍ය සංගමය – කැලණිය විශ්වවිද්‍යාලය