Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වෘත්තීය ක්‍රියාමාර්ග ඉවත් වෙන්න – ගුරු වැටුප් විසඳුම් කමිටුව ගුරු සංගම්වලින් ඉල්ලයි

By News Team on September 1st, 2021 in Local

රජය ගුරු වැටුප් විෂමතා සඳහා හැකි උපරිම විසඳුම් යෝජනා කර ඇති හේතුවෙන් ක්‍රියාමාර්ගයෙන් ඉවත් වෙන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා ගුරු හා විදුහල්පති සංගම්වලින් ඉල්ලීමක් කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ සුබෝධිනී වාර්තාවේ සඳහන් වන වැටුප් වැඩිවීම පිළිබඳව යෝජනාව වැටුප් කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඊට කැබිනට් මණ්ඩලය එකඟ නොවූ බවයි.