Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතට

By News Team on December 15th, 2021 in Local

බලවේග කට්ටල දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය ලොකොමොටිව් රියදුරන්ගේ සංගමය අද (15) දහවල් සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ගැටළු කිහිපයකට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් බලධාරීන් සමඟ කළ සාකච්ඡා අසාර්ථක වීම ඊට හේතුව බවයි එහි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටියේ.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග ඊයේ පැවැති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන්.