Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

හිටපු ඇමති රිෂාඩ්ගේ නිවසේ දැරිය මියයාම ගැන පුද්ගලයින් සිව් දෙනෙක්ගෙන් ප්‍රකාශ ලබාගනී

By News Team on July 22nd, 2021 in Local

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් මහතාගේ නිවසේ සිටි දැරියක් මියයාම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ අනුව දැරියගේ මව, සුළු පියා, සහෝදරයා සහ සහෝදරිය ඇතුළු පිරිසකගෙන් මීට අදාළව ප්‍රකාශ ඊයේ (21) දිනයේ ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අංශ ගණනාවක් යටතේ විමර්ශන ක්‍රියාත්මක වන බවයි.