Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් කෝටි දෙකක එන්නත් මාත්‍රා මෙරටට ගෙන එයි

By News Team on August 8th, 2021 in Local

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා චීනයේ බෙයිජිං නුවර සිට සයිනොෆාම් එන්නත් මාත්‍රා එක් කෝටි හැට තුන් ලක්ෂයක් සිය ගුවන් යානා මඟින් මාර්තු මස සිට මේ දක්වා මෙරටට ගෙනැවිත් තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අගෝස්තු මස 06 සහ 07 වනදා විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 03කින් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ශ්‍රී ලංකාවට ගෙනැත් ඇති බවයි.

මෙම ක්‍රියාවලිය හේතුවෙන් මෙරට එන්නත්කරණ වැඩසටහන වේගවත්ව ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ.

සයිනොෆාම් එන්නත්වලට අමතරව චීනයේ ෂැංහයි නුවර සිට එන්නත් සිරිංජර දස ලක්ෂයක් ද ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.