Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

By News Team on September 12th, 2021 in Sport

ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කර තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර සංචිතය සඳහා ක්‍රීඩකයන් 19 දෙනෙක් ඇතුලත්.

ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල් සහ වනිඳු හසරංග සංචිතයට ඇතුළත්.

චාමික කරුණාරත්න, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, පුලින තරංග, දුෂ්මන්ත චමීර සහ ලහිරු මධුශංඛ සෙසු ක්‍රීඩකයන් වනවා.