Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දකුණු අප්‍රිකාවට එරෙහි තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

By News Team on August 31st, 2021 in Sport

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි සදහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(30) ප්‍රකාශයට පත් කළා.

ආබාධයක් සුව වීමෙන් අනතුරුව කොවිඩ් 19 ආසාදනය වූ කුසල් ජනිත් පෙරේරා යළි ශ්‍රී ලංකා සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට දිනේෂ් චන්දිමාල් ද කැදවා තිබෙනවා.

නිමා වූ SLC ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ කමිදු මෙන්ඩිස්, ළහිරු මධුෂංක, මහීෂ් තීක්ෂණ හා පුලින තරංග යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත්.

නුවන් ප්‍රදීප් ද සංචිතයේ ස්ථානයක් යළි හිමි කර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, අශේන් බණ්ඩාර මෙම සංචිතයට ඇතුළත්ව නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන දෙවනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය –

01) Dasun Shanaka – Captain, 02) Dhananjaya De Silva – Vice Captain , 03) Kusal Janith Perera , 04) Dinesh Chandimal , 05) Avishka Fernando , 06) Bhanuka Rajapaksa , 07) Pathum Nissanka , 08) Charith Asalanka , 09) Wanindu Hasaranga , 10) Kamindu Mendis , 11) Minod Bhanuka , 12) Ramesh Mendis , 13) Chamika Karunaratne , 14) Nuwan Pradeep , 15) Binura Fernando , 16) Dushmantha Chameera , 17) Akila Dananjaya , 18) Praveen Jayawickrema , 19) Lahiru Kumara , 20) Lahiru Madushanka , 21) Pulina Tharanga , 22) Maheesh Theekshana