Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

නවසීලන්ත පොලිස් වෙඩි පහරින් ශ්‍රී ලාංකිකයෙක් මියයයි

By News Team on September 3rd, 2021 in Local

නවසීලන්ත ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලක් තුළදී පුද්ගලයන් 06 දෙනෙක්ට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකළ ශ්‍රී ලාංකිකයෙකු නවසීලන්ත පොලීසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

මෙය අයි. එස් සංවිධානයේ මත දැරීම හමුවේ සිදුව ඇති ත්‍රස්ත ක්‍රියාවක් බවයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් සඳහන් කළේ.

මියගිය සැකකරු වසර 10ක කාලයක් නවසීලන්තයේ වාසය කර තිබෙනවා.

සැකකරු ප්‍රහාරය ආරම්භ කර තත්පර 60ක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමට නවසීලන්ත පොලීසිය සමත් වූ බව අගමැතිනිය එරට මාධ්‍ය අමතමින් කියා සිටියා.

නවසීලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා.

කෙසේ වෙතත් එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී සැකකරු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව මුදාහරිනු අයෙක් බව එරට ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබෙනවා.

නවසීලන්ත පොලිසිය ප්‍රකාශ කළේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

2019 වසරේ මාර්තු 15 වනදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථාන 02 කට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.