Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දෙවන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක තියුණු ජයක්

By News Team on July 29th, 2021 in Sport

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (29) පැවැති දෙවැනි විස්සයි විස්ස තරඟය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිළ පළමුවෙන්ම පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 132ක් ලබා ගැනීමට සමත් වුණා.

ඉන්දියාව වෙනුවෙන් නායක ශිකර් ධවාන් ලකුණු 40 රැස් කළා.

ලකුණු 133ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 6ක් දැවී ලකුණු 133ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී අවසන් කරා ගෙන යමින් සටන් කාමී ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 40ක් ලබාගත්තා.

ඉන්දියාව වෙනුවෙන් කුල්දිප් යාදෙව් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව විස්සයි විස්ස තරඟාවලිය දෙපිලම එක් තරඟය බැඟින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

දෙරට අතර තෙවන සහ තීරණාත්මක විස්සයි තරඟය අද (29) රාත්‍රී 8ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වනු ඇති.