Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දකුණු අප්‍රිකාවට අහිමිරි පරාජයක් උරුම කරමින් ශ්‍රී ලංකාව එක්දින තරඟාවලිය දිනා ගනී

By News Team on September 8th, 2021 in Sport

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගනිමින්, මාස 18කට පමණ පසුව එක්දින තරගාවලි ජයග්‍රහනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (7) සමත් වුණා.

ඒ, දග පන්දු යවන්නන්ට වඩාත් හිතකර වූ කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුවේ පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 78ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් ජය ගත්තේ වසර 8කට පසුව වීම ද විශේෂත්වයක්.

දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව, චරිත් අසලංක පන්දු 71කින් ලබා ගත් ලකුණු 47න් ශක්තිමත් වෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 203ක් රැස් කළා.

ධනංජය ද සිල්වා ලකුණු 31ක් හා දුෂ්මන්ත චමීර ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුණා. යළි ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමට කැදවනු ලැබූ දිනේෂ් චන්දිමාල් ලකුණු 9කට දැවී ගිය අතර, කමිදු මෙන්ඩිස් ලකුණු 16ක් ලබා ගත්තා.

නායක දසුන් ශානක ලකුණු 13කට හා වනිදු හසරංග ලකුණු 6කට දැවී ගියේ අනවශ්‍ය පහරවල් කරා යොමු වීම හේතුවෙන්.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් කඩුලු 3ක් ද, ජෝර්ජ් ලින්ඩ හා ටැබ්රයිස් ශම්සි කඩුලු 2 බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ දී දකුණු අප්‍රිකා පිතිකරුවන්ට ස්ථාවර වීමට දග පන්දු යවන්නන් ප්‍රමුඛ කර ගත් ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය කිසිදු ඉඩක් ලබා දුන්නේ නැහැ.

ඒ් අනුව ඔවුන්ට පන්දුවාර 30ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

ජෙනමන් මලාන් ලකුණු 18ක්, හෙන්රිච් ක්ලාසීන් ලකුණු 22ක්, ජෝර්ජ් ලින්ඩ ලකුණු 18ක් හා ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ ලකුණු 17ක් රැස් කරමින් දකුණු අප්‍රිකා ඉනිමට යම් ස්ථාවරත්වයක් ගෙන ඒමට දැඩි උත්සාහයක නිරත වුණා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් මහීෂ් තීක්ෂණ ලකුණු 37කට කඩුලු 4ක් බිද හෙලුවා. දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග කඩුලු 2 බැගින් දවා ගත් අතර, ප්‍රවීන් ජයවික්‍රම හා චරිත් අසලංක ද එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස දුෂ්මන්ත චමීර ද, තරගාවලියේ වීරයා ලෙස චරිත් අසලංක ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගයෙන් ලැබූ ලකුණු 78ක ජයත් සමගින්.

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව එහි රැදී සිටියේ 11 වන ස්ථානයේ යි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් ලීගය යටතේ තරග 15කට ක්‍රීඩා කර ඉන් තරග 4ක් ජය ගනිමින් හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 42ක්.

ශ්‍රී ලංකාව තරග 10ක් පරාජයට පත්ව ඇති අතර, එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අතහැර දැමුණා.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ එංගලන්තයට හිමිව ඇත්තේ තරග 15කදී ප්‍රසාද ලකුණු 95ක් හිමි කර ගනිමින්.

දකුණු අප්‍රිකාව එහි 9 වන ස්ථානයේ රැදී සිටිනවා.