Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකාව ගත වූ සතියේ වැඩිම එන්නත්කරණ ප්‍රතිශතය වාර්තා කරයි

By News Team on September 4th, 2021 in Local

ශ්‍රී ලංකාව ගත වූ සතිය තුළ ජනගහනයට සාපේක්ෂව ඉහළම එන්නත්කරණ ප්‍රතිශතය සිදුකළ රට බවට පත්ව තිබෙනවා.

එන්නත්කරණ දත්ත පිළිබඳ තොරතුරු වාර්තා කරන අවර් වර්ල්ඩ් ඩේටා වෙබ් අඩවිය වාර්තා කරන්නේ ගත වූ සතියේ දී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 13කට එන්නත් ලබාදී ඇති බවයි.

අදාළ සටහනේ දෙවන ස්ථානය ඉක්වදෝරයද, තුන්වන ස්ථානය බෲනායි රාජ්‍යයද, හතරවන ස්ථානය නවසීලන්තය පත්ව තිබෙනවා.

ඕස්ට්‍රේලියාව මෙම සටහනේ 10 වන ස්ථානයේ පසුවනවා.